ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සහල් මෝල් හිමියන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාවේ දී නාඩු සහල් හිඟය පිළිබඳව සාකච්ඡා කරන බවයි සදහන් වන්නේ.

මේ වනවිට වෙළඳපොළේ නාඩු සහල්වල හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් නාඩු සහල් කිලෝවක මිල රුපියල් 230 ත් 240 ත් අතර අගයක් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් නාඩු සහල් කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 220 ක් ලෙස දක්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content