රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සකස් කළ වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත අද දිනයේ භාරදීමට නියමිත වනවා.
පසුගිය දෙදින තුළ මෙරට ප්‍රධාන පෙළේ සහල්  මෝල්වල ගබඩාවල පවතින වී තොග, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කෙරුනා.
ඒ යටතේ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට  අයත් අරලිය සහල් ආයතනය ඇතුළු තවත් සහල් මෝල් කිහිපයක් ද ඊයේ පරීක්ෂාවට ලක් කර තිබුණා.
වෙළදපොළේ පවතින සහල් හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් සහල්  මෝල්වල වී තොඟ මෙලෙස පරීක්ෂා කෙරුණු බවයි පාරිභෝගික  අධිකාරිය වැඩිදුරටත් සදහන් කලේ.

WhatsApp Group

Skip to content