එළඹෙන උත්සව සමය වෙනුවෙන් සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේදී කඩිනමින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කළේ.

පවතින කීරි සම්බා හිඟය හේතුවෙන් සම්බා සදහා ආදේශක සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියා.

මේ පිළිබදව අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසා සිටියා.

මේ, ඒ සදහා පිළිතුරු ලබා දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා.

WhatsApp Group

Skip to content