සම්බා සහ කීරි සම්බාවලට සමාන සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවත් මෙම සහල් තොග ලැබීමත් සමගින් සහල් මිල ඉහළ යාම පාලනය කිරීම හා සහල් හිඟය තුරන්වනු ඇති බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති පළතුරු සහ එළවළු ප්‍රදර්ශනයක් සඳහා සහභාගි වූ අවස්ථාවේදී කීරි සම්බා හිඟය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

එම ජනතාවට පිළිතුරු දුන් අමාත්‍යවරයා දෙසැම්බර් මාසයේ දී හා ජනවාරි මාසයේ දි එළැඹෙන උත්සව සමය ඉළක්ක කරමින් ඇතැම් සහල් ව්‍යාපාරිකයින් විසින් කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් ඇති කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස කියා සිටියා.

“රට තුළ කිසිදු සහල් හිඟයක් නැහැ. අවශ්‍ය තරම් සහල් සහ වී තොග රට තුළ තිබෙනවා. ඇතැම් ගොවීන් ද වී මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂවෙන් වී තොග රඳවාගෙන සිටිනවා.”

“‘කීරි සම්බා සහල් රට තුළ හිඟයක් නැහැ. පසුගිය මහ කන්නයේ දී වී වගා කරන ඉඩම්වලින් 7%ක් කීරි සම්බා වගා කළා. ඉන් මෙටි්‍රක් ටොන් 5000ක අස්වැන්නක් ලැබුණා. නමුත් රජය විසින් ආරක්ෂිත වී සංචිත පවත්වාගෙන යාමට පියවර නොගැනීම නිසා මේ වනවිට ඇතැම් සහල් මෝල් අයිතිකාරයෝ කීරි සම්බා මිල ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම සහල් හිඟයක් රට තුළ නිර්මාණය කර තිබෙනවා” යැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී සඳහන් කර සිටියා.

WhatsApp Group

Skip to content