ආනයනික සහල් සහ බී ලූණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට කටයුතු කළද , ඒ හේතුවෙන් වී ගොවීන්ට කිසිදු බලපෑමක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉන්දියාව ලොකු ලූණු අපනයනය නතර කිරීම හේතුවෙන් ඒවායේ මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවයි.
ඒ අනුව ලොකු ලූණු වලට වඩාත්ම සුදුසු ආදේශකයක් වන රෝස ලූණු සඳහා පනවා තිබූ කිලෝවට රුපියල් 80 ක බද්ද ඒ අනුව රුපියල් 10 දක්වා අඩු කිරීමට පියවර ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
එසේම ආනයනික සහල් සඳහා පනවා තිබූ කිලෝවට රුපියල් 65 ක්වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ද රුපියල දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ කීරී සම්බා මිල සීඝ්‍රයෙන් ඉහල යාම හේතුවෙන් ජනවාරි මාසයේදී කීරි සම්බා ආනයනය කිරීමට කෙටි කලකට අවසර දුන් බවයි.
එම වකවානුව තුළ නැව් ගත කළ සහල් තොගයෙන් කොටසක් පමා වී මෙරටට පැමිණිම හේතුවෙන් එම තොගය වරායේ සිර වී ඇති බවත්, එම සිරවී ඇති තොගය නිදහස් කර ගැනීම සඳහා පමණක් සතියක කාලයක් සඳහා සහල්වලට මෙම සහනය බලපැවැත්වෙන බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

 

WhatsApp Group

Skip to content