වර්තමානයේදී සහල් කිලෝවක් රුපියල් 125 ත් 130 ත් අතර මිලකට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර වී කිලෝවක් රුපියල් 130 කට වඩා අඩුවෙන් අලෙවි කිරීමෙන් වළකින ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ පිලිබඳ ගොවීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ද අද සිට ආරම්භ කෙරුණා.

ඒ පිළිබඳව අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කලේ මාධ්‍ය තුළ ප්‍රචාරය වන ආකාරයට ගොවීන්ට ගැටළු නොමැති බවයි.

ඇතැම් පක්ෂ සාමාජිකයින් විසින් ගොවි සංවිධාන ඇති කරගනිමින් කෘෂි කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ විවිධ මත ඇති කරන බවයි ඒ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/MAHINDA-AMARAWEERA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content