සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතුව නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පවතින සහල් තොග එළඹෙන මහ කන්නය සදහා ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විද්වත් හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීම සහ මුල්‍ය සහන ලබා දීම හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවයි මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

නියගය නොමැති පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content