මෙම මස අවසානය වන තෙක් සවස් කාලයේදී තද සුළං සමග වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව අද දිනයේදීත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/11/ATHULA-KARUNANAYAKA-EDIT.mp3?_=1

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා කියා සිටියේ දැදුරු ඔය, අත්තනගලු ඔය සහ නිල්වලා ගඟ තවදුරටත් සු`ඵ ගංවතුර මට්ටමක පවතින බවයි.

මේ අතර කොළඹ ඇතු`ඵ තදාසන්න ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ඇති වූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් සහ අතු කඩා වැටීම් රැසක් ද වාර්තා වී තිබෙනවා.

කොළඹ මහ නගර සභාව පැවසුවේ කොළඹ නගරය අවට ගස් 32 කට අධික ප්‍රමාණයක අතු කඩා වැටීම් නිරීක්ෂණය වී ඇති බවයි.

එමෙන්ම කොළඹ ආර්.ඒ. ද මෙල් මාවතේ තවත් ගසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මතට එම ගස කඩා වැටීම හේතුවෙන් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලැබූ බවයි.

පසුගිය ඔක්තෝබර් මස 6 වන දා ද කොළඹ  ආර්.ඒ. ද මෙල් මාවතේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

WhatsApp Group

Skip to content