ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන “සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත” හෙවත් “ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත” වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව අද(21) පාර්ලිමේන්තු වටරවුම අසල දී විරෝධතාවක නිරත විය.

මෙම විරෝධතාවට සර්වජන බලය විධායක සභිකයෝ වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, යුතුකම සංවාද කවය ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සර්වජන බලය විධායක සභිකයෝ පෙන්වා දෙන්නේ, දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල උපාය මාර්ගයක සැලසුම්වලට අනුව සහ බලපෑම්වලට යටත් වී සත්‍ය සෙවීමේ නාමයෙන් ආණ්ඩුව විසින් සම්මත කිරීමට උත්සාහ කරන “ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව” පනත් කෙටුම්පතෙහි ආරක්ෂක හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා  එල්ල කිරීමට සහ ඔවුන් අපකීර්තියට පත් කිරීමට මෙන්ම මානසිකව බිඳවැට්ටවීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් බව ය.

එම චෝදනා මත පදනම්ව රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීමට සහ විදේශීය රටවලදී නඩු පැවරීමට අදාළ ප්‍රතිපාදන ද මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත බව සර්වජන බලය  නායකත්වය මෙහිදී පෙන්වා දුන්හ.

WhatsApp Group

Skip to content