කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර  ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු 10/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත් අඩංගුවට ගෙන තිබේ .
10/09 දින රාත්‍රී 08.20 ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යාමට නියමිත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට පිවිසීම සදහා මෙම කණ්ඩායමේ පළමු බංගලදේශ ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා කටාර් ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ සර්බිබියානු වීසා බලපත්‍රය පිළිබඳ සැක සිතූ එම නිලධාරීන් , මෙම ගුවන් මගියා , ඔහු විසින් ඉදිරිපත් කළ ලියකියවිලි ද සමග ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
 එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී එම සර්බියානු වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට තහවුරු වීමත් සමගම ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී , ඔහුට මෙම ගුවන් ගමන සදහා උදව් උපකාර කළ බංගලදේශ ජාතිකයෙකු , කටුනායක ගුවන් තොටුපොළ අමුත්තන්ගේ ශාලාවේ රැදී සිටින බවට කරුණු අනාවරණය වී තිබේ .
 ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු අත් අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී , මේ ආකාරයට සර්බියාව බලා ගුවන් ගත වීම සදහා බලාපොරොත්තුවෙන් තවත් බංගලදේශ ජාතිකයන් 06 දෙනෙකු මීගමුව ලැගුම් හළක රැදී සිටින බවට ද තොරතුරු අනාවරණය වී තිබේ .
 මෙම තොරතුරු ක්ෂණිකව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි

WhatsApp Group

Skip to content