සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වධය ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

1997 දුරකථන අංකයට පසුගිය 14 වැනිදා ලද පැමිණිල්ලක් මත සමනළවැව පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ එලෙස අත්අඩංගුවට ගත් සැකකාර විශ්වවිද්‍යාල සිසුන් එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා අධ්‍යාපන පීඨයේ සිසුන් පිරිසක් බවයි.

WhatsApp Group

Skip to content