මියන්මාරයේ කදවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු 09/05 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ
පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ තරුණ කාන්තාවන් 04 දෙනෙකු මෙම පිරිසට අයත් වී සිටියහ .
මොවුන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනය මැදිහත් වී ක්‍රියාත්මක වී තිබුණි .
 මොවුන් මියන්මාරයේ සිට තායිලන්තය වෙත රැගෙන විත් , 09/05 දින රාත්‍රී 11.09 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ආගමන විගමන දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා පොලිසියේ තැනැත්තන් වෙළෙඳාම , මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන්ගේ තොරතුරු සටහන් කර ගෙන , පසුව ප්‍රකාශ සහ විමර්ශන සිදු කිරීමේ අපේක්ෂාව මත , මොවුන් සිය නිවෙස් කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ .

WhatsApp Group

Skip to content