මෙරට ආර්ථික පිළිබඳ ඉදිරිපත්ව ඇති ඇතැම් සමීක්ෂණ වාර්තා, සහ විද්වත් මතයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවැනි සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල ඒකඟතාව පළ කිරීම මගින් නිසි පිළිතුරු ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
පළමු සමාලෝචනයෙන් අනතුරුව කාර්ය මණ්ඩල එකඟතාව ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යම් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර යම් කාලයක් ද ඒ් සඳහා ගත වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එහෙත් මෙවර සමාලෝචනය අවසන් කිරීමේ දී ම ඊට කාර්ය මණ්ඩලය එකඟතාව පළ වීම ශ්‍රී ලංකාව ක්‍රමනාකූලව ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරන බවට ලබා දුන් සහතිකයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව ලෝකය සමග එක්ව ලෝකයේ පිළිගත් ආර්ථික ක්‍රමවේදයක් මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට ස්ථාවරයත්වය කරා රැගෙන යමින් සිටින මොහොතේ විපක්ෂය පමණක් තව දුරටත් දේශපාලන වේදිකාවේ වීරයන් වීමේ අරමුණෙන් ජනප්‍රිය සටන් පාඨ කරපින්නාගෙන සිටින බවයි අමාත්‍ය සේමසිංහ මහතා පවසන්නේ.
දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළට විකල්ප සෙවීම හෝ එය ආපස්සට හැරවීම කිසිසේත්ම කළ නොහැකි බව සඳහන් කරන අමාත්‍යවරයා ඒ් සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය ද විපක්ෂයට නොමැති බවයි අවධාරණය කරන්නේ.

දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් වීමත් සමග ශ්‍රී ලංකාවට ද්වීපාර්ශ්වික ණය සහ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට යාමට හැකිව තිබෙනවා.
මෙම තීරණයත් සමග විශේෂයෙන් ම නිල ණය හිමියන්ගේ කමිටුව, චීනය සහ පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මීළග අදියරයට ගමන් කිරීමට හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

WhatsApp Group

Skip to content