සමීක්ෂණ ආයතන පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු නොකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙෂාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට රජය මැදිහත්වීම රටේ ජනතාවගෙන් සියයට 77ක් ප්‍රතික්ෂේප කර ඇති බවට වන වාර්තා අසත්‍ය බවයි.

වෙරිටේ රිසර්ච් ආයතනය මගින් අදාළ වාර්තාව නිකුත් කර තිබුණා.

එය ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙෂාන් සේමසිංහ මහතා සදහන් කළේ අදාළ සමීක්ෂණය සදහා තෝරාගත් නියැදිය සහ ඉදිරිපත් කර ඇති ප්‍රශ්නාවලිය පිළිබද සලසා බැලිය යුතු බවයි.

WhatsApp Group

Skip to content