ශ්‍රී ලංකාවේ සමිත දුලාන් මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනා ගනු ලැබුවා.

ඒ, නව ලෝක වාර්තාවක් ද සමගින්.

සමිත දුලාන් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වට එක්වූ අතර මීටර 67 යි දශම 0යි 3 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ඔහුට හිමිවුණේ රිදී පදක්කමයි.

එෆ් 64 කාණ්ඩයේ ක්‍රීඩකයන්ගේ ආබාධ වලට අනුව ඔවුන් තවදුරටත් එෆ් 42, 44, 62 සහ 64 ලෙස වර්ග කර තිබෙනවා.

ඒ අනුව එෆ් 44 කාණ්ඩයට ඇතුළත්ව සිටි සමිත දුලාන්ගේ දක්ෂතාව එම කාණ්ඩයේ ලෝක වාර්තාවක් ලෙස සටහන් වුණා.

මින් පෙර එහි ලෝක වාර්තාව සතු වූයේ ද සමිත දුලාන් හට වීම විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content