ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයෙක් සඳහන් කර සිටියේ මෙම වසරේ ගත වූ මාස 6 ඇතුළත සමාජ මාධ්‍ය හරහා පැමිණිලි 9858 ක් ලැබී ඇති බවයි.

මෙසේ පැමිණිලි කර ඇති පුද්ගලයින්ගෙන් බහුතරයක් කාන්තාවන් බවයි අනාවරණය වී ඇත්තේ.

එම පැමිණිලිවලින් 2330 ක්, මෙම වසරේ වාර්තා වූ වැඩිම පැමිණිලි සංඛ්‍යාව බවයි තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ෆෙස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඔන්ලයින් හරහා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම යනාදිය මෙම පැමිණිලිවලට අයත් බවයි තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරුන් පවසන්නේ.

 

WhatsApp Group

Skip to content