මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන කැෆේ සංවිධානයේ නිරීක්ෂණයට අනුව 2024 ජනාධිපතිවරණයේදී මේ දක්වා කාලසීම තුළ සමාජ මාධ්‍ය යොදා ගනිමින් එක් එක් පක්‍ෂ වලටත්, එක් එක් අපේක්ෂකයින්ටත් එල්ල කරන මඩ ප්‍රචාර වල ඉහළ යාමක් දක්නට ලැබේ.

මෙය 2019 ජනාධිපතිවරණය හා සසඳන විට කැපී පෙනෙන වර්’ධනයක් පෙන්නුම් කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා පවසයි.

පුර්’ව මැතිවරණ සමයේ කැෆේ සංවිධානයේ නිරීක්‍ෂකයින් විසින් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණයන්ට අනුව හෙළි වූයේ අපේක්ෂකයින් පස්දෙනෙකු ඉලක්ක කර වෛරී ප්‍රකාශය, ව්‍යාජ ප්‍රවෘත්ති, වැරදි තොරතුරු හුවමාරු කෙරෙන බවයි. මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් සේම සාමකාමී මැතිවරණයකට බාධාවක් බව මනාස් මකීන් මහතා කියයි.මෙලෙස සමාජ මාධ්‍ය හරහා එල්ලවන මඩ ප්‍රචාර නිසා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ ප්‍රවණතාවයක් මතුවිය හැකි බවට කැෆේ සංවිධානය අනතුරු අඟවයි.අප නිරීක්ෂකයින් පවසන්නේ වට්ස්ඇප් සමුහ සහ ෆේස් බුක් සමුහ තුළ මෙවැනි මඩ ප්‍රචාර, විශේෂයෙන් අපේක්ෂකයින් හා පක්‍ෂ අගතියට පත් කෙරෙන වීඩියෝ සහ පොස්ට් ප්‍රචාරය කෙරෙන බවත් එක් සමුහයක් තුළ විවිධ දේශපාලන මත දරණ අය සිටින බැවින් එවැනි අය තම විරුද්ධ මත ඉදිරිපත් කර එය ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්’ධනය විය හැකි බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

මේ නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා වන මෙවැනි පොස්ට් සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා හුවමාරු කිරීමෙන් වළකින ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා ඉල්ලීමක් කළේය.

WhatsApp Group

Skip to content