සමාජ මාධ්‍ය නියාමනය සදහා වන පනත මාධ්‍ය සහ පුරවැසියන් මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් යොදා ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා .

ඔහු මේ බව සඳහන් කලේ  ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

මාධ්‍ය නිදහසට බාධා කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවද මන්ත්‍රීවරයා මෙහිදී  කියා සිටියා .

 

https://www.vnews.lk/storage/2023/09/THISSA-ATHTHANAYAAKA-EDIT-.mp3?_=1

කෙසේ වෙතත් අදාළ පනත තුලින් රජය විවේචනය කිරීම සදහා පුරවැසියන් හට ඇති අයිතියට කිසිදු හානියක් සිදු නොවන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළා  .

ඔහු මේ බව සඳහන් කලේ ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් .

WhatsApp Group

Skip to content