සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝව හා සම්බන්ධ එම දරුවාගේ පියාව සහ කාන්තාවන් දෙදෙනෙකු වැලිඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම වැලිඔය පොලිසිය විසින්, මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී ඔවුන් සමග සිටි මෙම සිදුවීමට සම්බන්ධ සිව් හැවිරිදි දරුවාද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි අයෙක් වන අතර, ඔහු සමග සිටිමින් අත්අඩංගුවට පත්වූ සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 37 හා 46 වියෙහි පසුවන බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්න්ධයෙන් වැලිඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content