අසත්‍ය, අවලාදාත්මක සහ අපහසාත්මක කරුණු සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම පිළිබඳ අපරාධමය චෝදනා එල්ලකරමින් විමර්ශනයක් සිදු කරන ලෙස මාතලේ දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න මහත්මිය රත්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.  පොලිස් පැමිණිල්ලේ දැක්වෙන්නේ, තමන්ට අසත්‍ය වූ ද, අවලාදාත්මක වූ ද, සැලසුම් සහගත හා සචේතනික ආකාරයේ චෝදනා රැසක් එල්ල කරමින් සමාජ මධ්‍ය මගින් එයට ප්‍රචාරයක් ලබා දී තමාගේ කීර්තියට හානි කර ඇති බවයි. 

රත්තොට පොලීසිය වෙත සාපරාධී අපහාසය පිළිබඳ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව කවිරත්න මහත්මිය ජනමාධ්‍ය හමුවේ පැවසූවේ, 2022 වසරේ හොඳම කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස ද, 2023 – 24 ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත තමන් ළමා සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දේශීය හා විදේශීය පිළිගැනීමක් සහිත පුද්ගලයෙකු බව ය. කාන්තා මහජන නියෝජනය පුළුල් කිරීම සම්බන්ධයෙන් තමන් සෑම විටම හඬ නගන බවත්, මැතිවරණ ව්‍යාපාරයන් හි දී කාන්තාවන් වෙත සාපරාධී අපහාසයන් සිදු කිරීම වැලැක්වීමට නීති සම්පාදනයේ තමන් නිරත වූ බවය. කාන්තාවන් දේශපාලනයට පැමිණීම වැලැක්වීම සඳහා සැලසුම් සහගත සාපරාධී අපහාසයන් ලංකා දේශපාලනයේ සුලභය. ප්‍රායෝගිකව එය පරාජය කිරීමේ වගකීම වෙනුවෙන් තමන් කැපවන බව ද කවිරත්න මහත්මිය පවසයි.

සමාජ මාධ්‍ය මගින් කාන්තාවන්ට, විශේෂයෙන්ම දේශපාලනයේ නිරත කාන්තාවට ට එල්ල වන අපහාසයන් ගැන විධිමත් විමර්ශන සිදු විය යුතුයි. සමාජ මාධ්‍ය මගින් සිදු කරන මඩ දේශපාලනය පිටුදැකිය යුතුය. පසුගිය මැතිවරණ දෙකේ දී ම, තමන්ට මෙවැනිම අසත්‍ය හා අපහාසාත්මක චෝදනාවන්ට නිකරුණේ ලක්වීමට සිදු වූ බවත්, මෙවර අනාගතයේ කිසිම දිනෙක එවැනි තත්වයකට කාන්තා දේශපාලනඥයින් පත්වීම වැලැක්වීමට තමාට පෙරමුණ ගැනීමට සිදුව ඇති කවිරත්න මහත්මිය පවසයි.

WhatsApp Group

Skip to content