මහ බැංකුව සහ එහි කටයුතු තවදුරටත් ස්වාධීන කරමින් සම්මත වු මහ බැංකු පනත මේ වන විට ක්‍රියාත්මක බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකුව මගින් මීට පෙර සිදුකළ මුදල් මුද්‍රණය ඉදිරියට සිදුකළ හැකිවන්නේ සීමා සහිතව බවයි.

රටතුළ පවතින විශේෂ ආරක්ෂක ගැටළුවකදී සහ ලෝක මට්ටමේ සෞඛ්‍ය ගැටළුවකදී පමණක් මුදල් මුද්‍රණය සදහා අවස්ථාව හිමිවන බවයි රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ.

එයද සිදුකළ හැකිවන්නේ භාණ්ඩාගාර බිල්පත් වටිනාකමෙන් සියයට 05ක වටිනාකම නොඉක්මවන මුදලක් බව ද රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.

දේශීය ණය ප්‍රතිවෘ්‍යුහගත කිරීම අවසන් අදියරට පැමිණ ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ.

රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ මාධ්‍යට අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/09/RANJITH-SIYAMBALAPITIYA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content