හෙද ව්‍යවස්ථාව රහසිගතව සංශෝධනය කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව සමස්ත ලංකා හෙද සංගමයසමස්ත ලංකා හෙද සංගමයයේදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා .

එම සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කලේ මෙම උද්ඝෝෂණය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පවත්වීමට නියමිතව ඇති බවයි .

මෙම සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පතක් රහසිගතව සකස් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා .

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ පිලිබදව අදහස් දක්වමින් පැවසුවේ , රටේ පවතින ආර්ථික අර්බුදය සැළකිල්ලට ගනිමින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ පවතින දුර්වලතා නිවැරදි කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නා බවයි .

WhatsApp Group

Skip to content