වර්තමාන ආණ්ඩුවෙන් ස්වාධිනව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසක් සමග සමගි ජනබලවේගය අද ගිවිසුමකට එළඹුනා.

සමගි ජන සන්ධානය ලෙසින් එළිදැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමක් ද මෙහිදි අත්සන් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

එහිදි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පක්ස මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ගිවිසුම අත්සන් කර තිබෙනවා.

මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්්‍ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ කේ.පී. එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් මෙහිදි සමගි ජන සන්ධානයට එක්වීමට කටයුතු කළා.

WhatsApp Group

Skip to content