රටේ ඇතිවූ බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර තිබේනවා.
අදාළ කාරක සභාව සදහා වන සමාජික මන්ත්‍රීවරුන් 13 කුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කලේ . එම කාරක සභාවේ සභාපතිත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් දරනු ලබනවා .

මෙහි සභාපතිත්වය සහ වැඩි සමාජික පිරිසක් පොදුජන පෙරමුණෙන් නම් කර තිබිම හේතුවෙනුයි විපක්ෂය ඊට විරෝධය පළකළේ .

එමෙන්ම මෙම විශේෂ කාරක සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ඊයේ දිනයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් කතානායකවරයාට යොමු කරනු ලැබුවා .
අදාළ ලිපිය මගින් ඔහු පවසා ඇත්තේ රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතු කාරක වූ බහුතරයක පිරිසගෙන් සමන්විත කමිටුවක් මගින් එයට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් සිදු වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵල බැවින් තමන් එම කමිටුවෙන් ඉල්ලා අස්වන බවයි

WhatsApp Group

Skip to content