සමගි ජන බලවේගය අද වන විට සට්ටම්බි රාළට සහ ගොඩ පෙරකදෝරුවෙකුට යටවී තිබෙනවා බව එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂය ඊයේ කුලියාපිටියේදී සංවිධානය කර තිබූ සැබෑව ජන රැළියට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

මේ අතර මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් ගොඩනැගීමට නව වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරමින් පවතින බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා එම රැළියට එක්වෙමින් සඳහන් කළා.

WhatsApp Group

Skip to content