සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවසනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ පවතින අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී අනාවරණ වී තිබුණා.

ඒ අනුව එම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කර කඩිනම් වාර්තාවක් සකස් කරන ලෙස කෝප් කමිටුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය දැනුම් දුන්නා.

අදාළ වාර්තා විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බවයි කෝප් කමිටුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content