වැල්ලවාය සපුගොඩ රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 10කට වැඩි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා.

වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ පිහිටා ඇති සපුගොඩ කඳු රක්ෂිතයේ ගින්න හටගෙන තිබෙන්නේ ඊයේ පස්වරුවේයි.

ගින්න පැය කිහිපයක් තුළ ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ රක්ෂිතයේ අක්කර 10කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා.

වැල්ලවාය වන රක්ෂණ කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගින්න නිවා දැමීමට කටයුතු කෙරුණු අතර පවතින වියළි කාලගුණයත් සමඟ යළිත් ගින්න පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content