සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ අඳුරු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක් රැගෙන ඒම සඳහා චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංග් ඊ – 6 රොකට්ටුවේ රොබෝ ගවේෂණ යානය ඊයේ සාර්ථකව යළි පෘථිවියට පැමිණි බව වාර්තා කර තිබේ.

චැංග් ඊ- 6 මාස දෙකකට ආසන්න කාලයක් සඳ මත මෙහෙයුම් කටයුතුවල නිරත වී ඊයේ‍ මොංගෝලියාවේ කාන්තාරයකට පතිත වී තිබේ.

සඳ මත ඇති සම්පත් සහ ඒවා මිනිස් වාසයට කෙතරම් දුරට සුදුසු වන්නේ දැයි මේ පස් සාම්පල පරීක්ෂණ මගින් සොයා ගැනීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් නොඉවසිල්ලෙන් යුතුව බලා සිටින බව ද වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

WhatsApp Group

Skip to content