ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම  ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට තිබෙන බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පැවසුවා.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 19 වැනි දින ආරම්භ වී ජූලි මස 03 දින මහ පෙරහැර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වෙනවා.

පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි  පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබෙනවා.

ඒ කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල, හා දෙටගමුව විදුහලයි.

මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පවසනවා.

WhatsApp Group

Skip to content