තමාව සති දෙකක කාලයක් සදහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කතානායකවරයාට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය දා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කණගාටුව පළ කරන අතර එය සිදු නොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බවටයි අදාළ ලිපියෙන් දක්වා ඇත්තේ.

එම තත්ත්වයට පත් වීමට හේතු කාරණා කිහිපයක් සනත් නිශාන්ත මහතා විසින් කතානායකවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය වසර කිහිපය තුළදී ආර්ථික ඝාතකයින් ලෙසට අධිකරණය විසින් හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුට එරෙහිව ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් වාර්තාවක් කියවන අවස්ථාවේදි පාර්ලිමේන්තුව තුළ යම් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එහිදි විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට උරණ වූ සනත් නිශාන්ත මහතා ඇතු`ඵ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායකවරයාට සභා ගර්භය මැදට පැමිණ විරෝධය පළ කළා.

එහිදි සජිත් ප්‍රේමදාස මහතා අත පැවති ලිපි ගොනුවක් ද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් පැහැර ගත් අතර ඔහුගේ මයික්‍රෆෝනය ද අවභාවිත කිරීම හේතුවෙනුයි සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සති 2 ක කාලයක් සදහා අත්හිටුවනු ලැබුවේ.

WhatsApp Group

Skip to content