අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මුං ඇට කිලෝවක් රුපියල් 47කින් සහ ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 10කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම දුඹුරු සීනි කිලෝවක් රුපියල් 10කින් සහ සුදු සීනි කිලෝවක් රුපියල් 06කින් අඩු කර තිබෙනවා.

ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම මිල අඩු කිරීමට සිදුකරන බවයි ලංකා සතොස ආයතනයේ සභාපති පසද යාපා අබේවර්ධන මහතා සදහන් කලේ.

WhatsApp Group

Skip to content