ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව, ආනයනික ග්‍රෑම් 425ක මාළු ටින් එකක මිල රුපියල් 75කින් පහත දැමීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම, දේශීය ග්‍රෑම් 425 මාළු ටින් එකක මිලද රුපියල් 450ක් දක්වාත් ග්‍රෑම් 155ක මාළු ටින් එකක මිල රුපියල් 270ක් දක්වාත් අඩුකර තිබෙනවා.

තවද, මුං ඇට කිලෝවක මිල රුපියල් 890ක් දක්වා අඩු කර ඇති අතර , ආනයනික රතු ළුෑණු කිලෝවක මිල රුපියල් 470ක් දක්වා පහත දැමීමටයි කටයුතු කර ඇත්තේ.

සුදු සීනි සහ වියළි මිරිස් කිලෝවක මිලද රුපියල් 5කින් මිල පහත දමා ඇති බව සඳහන්.

එමෙන්ම, හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 15කින් අඩුකර තිබෙනවා.

දේශීය සම්බා කිලෝවක මිල රුපියල් 226ක් දක්වා අඩු කර ඇති අතර කඩල කිලෝවක මිල රුපියල් 439ක් දක්වා අඩු කිරීමටයි ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content