දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් සංවිධානය කරන “සතුන් සමග සෙනෙහසේ සතිය“ අදින් ආරම්භ වනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සතුන් සඳහා ආදරය කරුණාව ලබා දීමේ අරමුණින් මෙම සතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙම සතිය තුළදී සතුන්ට ආහාර ලබාදීමට ද නරඹන්නන්ට අවස්ථාව හිමිවනවා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සතුන් සමග ඡායාරූප ගැනීමට විශේෂ ස්ථාන ද සකසා ඇති බවයි.

මෙම සතිය තුළ දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනිකුත් අනුබද්ධ ආයතන නැරඹීම සඳහා වසරකට කිහිපවතාවක් පැමිණෙන නරඹන්නන් හට විශේෂ සාමාජික කාඩ්පතක් ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content