වතු ක්ෂේත්‍ර‌යේ සෞඛ්‍ය ආරක්ෂණය සහ ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක කෙරෙන “Happy Estate” හෙවත් “සතුටු වතු” වැඩසටහනේ ආරම්භය පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.
වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදෙන වතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ලේකම්තුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පූර්ණ මැදිහත්වීමෙන් සංවිධානය කෙරේ.

WhatsApp Group

Skip to content