දීර්ඝ සතිඅන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිස් සදහා අද සිට විශේෂ ප්‍රවහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ, ඒ සඳහා අමතර බස් රථ 60කට ආසන්න සංඛ්‍යාවක් අද සිට ධාවනයට යෙදවීමට කටයුතු කරන බවයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද කාල සටහනකින් තොරව අමතර බස් රථ ධාවනයට සැලසුම් කර තිබෙනවා

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද රාත්‍රියේ සහ හෙට උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ධාවනයට කටයුතු යොදා ඇති බවයි.

WhatsApp Group

Skip to content