2024 ඩයලොග් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග හයක් අද පැවැත්වෙනවා.

ඒ අනුව මහනුවර සුමංගල විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය මහනුවර බෝගම්බර ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම සහිරා විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය තරග වදිනු ඇති.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ හැව්ලොක් ක්‍රිඩාංගනයේදී ඩී.එස් සේනානායක විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම කොළඹ කින්ග්ස්වුඩ් විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමගින් අද තරග වැදීමට නියමිතයි.

මහනුවර නිත්‍යවෙල ක්‍රිඩාංගනයේදීයි මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

මේ අතර ගස්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය ද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරග සියල්ල පස්වරු 03.45ට ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content