ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගෙන ජූලි මස 03 වන දින වයස 12 න් පහළ සියලු ළමුන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව ජූලි මස 03 වන දින සිට සතියක් පුරා විශේෂ වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර ඇති බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත පවසා සිටියේ.

කෙසේ වෙතත් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු සඳහන් කරන්නේ එදිනට ළමුන් සදහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩ සටහන් රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

 

WhatsApp Group

Skip to content