2024 ආසියානු වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ, ශ්‍රී ලංකාව ලකුණු 17-14ක් ලෙස මැලේසියාව පරාජය කරමින්.

ආසියානු වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය පසුගිය දා මැලේසියාවේදී ආරම්භ වුණා.
මෙවර තරගාවලියේදී මූලික වටයේ ඊ කාණ්ඩයෙන් තරග බිමට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තායිලන්තය පහසුවෙන් පරාජය කළා.

ඉන් අනතුරුව දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 29ට 12ක ජයක් වාර්තා කළා.

මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි අවසන් තරගයේදී ප්‍රබල හොංකොං කණ්ඩායම ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය ලකුණු 17ට 17ක් ලෙස ලකුණු සමව අවසන් වුණා.

WhatsApp Group

Skip to content