ජනාධිපතිවරණය සඳහා සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි සතිය තුළ ජන ගත කරන බව සමගි ජන බලවේගය පවසනවා.

විද්වත් සභාවක් විසින් සකස් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශක කෙටුම්පත මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දී ඇති බව සදහන්.

ඒ අනුව ඔහුගේ අවසන් තීරණයෙන් පසුව එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වන දා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content