එෛතිහාසික මිහින්තලා පුදබිමේ විදුලිය විසංදි කිරීම දැඩිව හෙළා දකින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පක්ෂ මුලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මිහින්තලා පුදබිම අන්දකාරයට ගෙනයාමේ රජයේ උත්සහය පරාජය කිරීමට කැපවන බවයි.

මිහින්තලා පුදබිම අදුරේ දැමීමට කටයුතු නොකර අදාළ හිගමුදල් ජනාධිපති අරමුදලින් හෝ ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාපධිතිවරයාගෙන් ඉල්ලීමක් ද කළා.

https://www.vnews.lk/storage/2023/08/SAJITH-EDIT.mp3?_=1

ලක්ෂ 41 විදුලි බිල නොගෙවීම හේතුවෙන් මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විදුලිය විසංදි කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කළා.

මෙලෙස විදුලිය විසංදි කිරීම සම්බන්ධයෙන් මහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ජුජ්‍ය වලවාහැංගුනාවැවේ ධම්මරතන හිමින් මාධ්‍ය හමුවක් කැදවමින් මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/08/MIHINTHALE-HIMI-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content