සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉවත් කර වෙනත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පත් කිරීමේ සූදානම් ඇති බව ”දේශය” පුවත්පත වාර්තා කරනවා.

එම පුවත්වත තවදුරටත් වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසීමකදී ඔහුද එම කරුණ තහවුරු කළ බවයි.

මීට ආසන්නතම හේතුව වී ඇත්තේ වත්මන් සභාපති සරත් ෆොන්සේකා මහතා පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීම බවටයි වාර්තා වන්නේ.

ඔහු තනතුරින් ඉවත් කොට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කයක් නියෝජනය කරනු ලබන බහුතර පිළිගැනීමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ඇමැතිවරයකු වන අයෙකු මෙම තනතුරට පත් කිරීමට ඉඩ ඇති බවයි දේශය පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Source : දේශය පුවත්පත 

 

WhatsApp Group

Skip to content