සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවා.
ඒ් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් පසුවයි.

විජේසිරි මහතා කියා සිටියේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දුන් බවයි.

විශේෂ ප්‍රකාශය සිදු කරමින් චමින්ද විජේසිරි මහතා කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමාට පක්ෂයේ නායකයා ලෙස පමණක් නොව පියෙක් ලෙසින්ද සැලකූ බවයි.

ඒ් අනුව ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේම තමා යළිත් නිවැරදි දැක්මක් ඇති පාලනයක් යටතේ පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා කරන බවයි.

එම නිසා එවැනි නිවැරදි නායකත්වයක් ඇති පුද්ගලයන් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීම සඳහා මැතිවරණයක් පවත්වන ලෙසටද ඔහු ඉල්ලා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(09) පාර්ලිමේන්තුවේදී කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහා නයන වාසලතිලක මහතා පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඒ මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය නියෝජනය කරමින් මනාප 31,307 ක් හිමිකර ගත්තා.

එමෙන්ම නයන වාසලතිලක මහතා සමගි ජනබලවේගය පක්ෂයේ හපුතලේ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ද වනවා.

WhatsApp Group

Skip to content