සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඊයේ දිනයේදී රැස් වුණා . ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් .
මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එම පක්ෂය දරන ස්ථාවරය පිළිබඳ සාකච්ජා කල බව සමගි ජන බලවේගයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බන්ඩාර මහතා ප්‍රකාශ කළා .
මේ එම සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජිත් මද්දුම බන්ඩාර මහතා.

https://www.vnews.lk/storage/2023/06/RANJITH-EDIT-1-1.mp3?_=1

මේ අතර ලබන හෙට දිනයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පැවැත්විමට ද නියමිතව තිබෙනවා.
එදින සවස 5ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ .
එහිදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව අත්ති බවද වාර්තා වනවා .

 

WhatsApp Group

Skip to content