සමගි ජන බලවේගය විසින් කොළඹදී අද පැවැත්වීමට නියමිත රැළියට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමා, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සාමාජිකයන් සහක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගි වන සියලු සාමාජිකයන් වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

අදාළ අධිකරණ නියෝගයේ දැක්වෙන්නේ උක්ත පිරිසට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදීපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත පුද්ගලයින්ට අවහිර වන ලෙස ගමන් කිරීම තහනම් බව සදහන්.

මේ අතර විරෝධතා රැළියට සහභාගි වන පිරිට ගාලු මුවදොර , ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මෙම විරෝධතා පා ගමන හා රැළිය කොළඹදී අද පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content