සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න ඇතුලු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා.

ඒ, පසුගිය 10 වනදා පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්නට සිදුකරන ලද ද්වේශ සහගත චෝදනාවක් සම්බන්ධයෙනුයි.
මෙහිදී මන්ත්‍රීවරයා සහකාර මහලේකම්රයාට අශෝභන අයුරින් බැන වැදුණු බවයි අදාළ ලිපියෙන් දක්වා ඇත්තේ.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට සභාගර්භය තුළ චෝදනා සිදුකර ඇති බවටද මීට පෙර අවස්ථා කිහිපයකදීම නිරීක්ෂණය වී ඇති බවද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙමගින් පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content