සමගි ජන බලවේගය යෝජනා කළ දින අතුරින් ආර්ථික කමිටු ව්වාදයට ජාතික ජන බලවේගය ලබා දෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස දන්වමින් එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී, විවාද සම්බන්ධිකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යලිත් ළිපියක් යොමු කර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කිරීමටයි කටයුතු කර ඇත්තේ.
සමගි ජන බලවේගය විසින් යෝජනා කරනු ලබන ආර්ථික කමිටු විවාදය පිළිබඳ කිසිදු සඳහනක් නොකර එම විවාදය පිළිබඳ අවධානය වෙනත් දිශාවකට යොමු කරන බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව නායකයන් දෙදෙනා අතර විවාදය සහ ආර්ථික කමිටු දෙක අතර විවාදය යන විවාද දෙකම නොපැවැත්වීමට පසුබිම සලසන ආකාරයක් මෙමගින් පෙන්නුම් කරන බවයි අදාළ ලිපියෙන් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content