නෙදර්ලන්ත දූත පිරිසක් අනිද්දා දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

නෙදර්ලන්තයේ සංස්කෘතික හා මධ්‍ය රාජ්‍ය ලේකම් ගුනේඋස්ලුගේ නායකත්වයෙන් යුතුව පැමිණෙන මෙම දුත පිරිස මෙම මස 31 වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි සඳහන් වන්නේ.

මෙම වසර අගදී නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සංස්කෘතික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීමේ නෛතික ලියවිල්ලට අත්සන් තැබීම සඳහා මෙම දූත පිරිස පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අදාළ ලිපි ලේඛන සඳහා අගෝස්තු 28 වනදා අත්සන් තැබීමට නියමිතයි.

සුප්‍රසිද්ධ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි දෙකක්, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් ඊට ඇතුළත් වනවා.

WhatsApp Group

Skip to content