දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කීපදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් අදාළ වංචාව සිදු කර ඇති බවයි පොලිසිය සදහන් කලේ.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ඔවුන්ගේ ස්ථානීය පරික්ෂාවන්ට ලක් වී සිටින බදු ගෙවන්නන්ගේ තොරතුරු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය බවයි.

ඒ අනුව ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ගොනු කරන මෙන් මහජනතාවගෙන් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content