සංවර්ධන නිලධාරී සංගමය විසින් අද දිවයින පුරා උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතයි .

සංවර්ධන නිලධාරී සේවා සංගමය සහ , රැකියාලාභී උපාධිධාරී සංගමය ඒකාබද්ධව මෙම උද්ඝෝෂණ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

රුපියල් 20 000ක ජීවන වියදම් දීමනාව සහ , අහිමි කර ඇති විශ්‍රාම වැටුප් හිමිකම ඇතුළු අයිතීන් දිනාගැනීම වෙනුවෙන් මෙම උද්ඝෝෂණ අඛණ්ඩව සිදු කරන බව එම සංගමය පැවසුවා.

රාජ්‍ය සේවයේ, පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් 60,000කට ආසන්න ප්‍රමාණයකට බලපාන වෘත්තීය ගැටළු වසර 24 පුරා විසඳීමට අසමත්ව ඇති බවයි ඔහුන් චෝදනා කරන්නේ .
ඒ හේතුවෙන් සිය උදඝෝෂණ දවහල් 12 ට කෑම පැය තුළ පැවැත්වෙන බව සංවර්ධන නිලධාරී සංගමය සඳහන් කළා .

 

WhatsApp Group

Skip to content