රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔවුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව යටතේ සංජීව ධම්මික සහ ආනන්ද පාලිත යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔවුන් දෙදෙනා පසුගිය 23 වනදා කොල්ලුපිටිය පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණා.

පසුව සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මක හඳුනා ගැනීමේ පෙරට්ටුවකටද අද දිනයේදී ඉදිරිපත් කෙරු අතර මහජන උපයෝගීතා කොමිසමේ සාමාජික ආචාර්ය මොහාන් සමරනායක මහතා විසින් හඳුනා ගැනුණා.

ඒ කොළඹ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදීයි.

මේ අතර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අධිකරණයට අද දිනයේ රැගෙන නොපැමිණි අතර ඔහු අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා.

WhatsApp Group

Skip to content